Thursday, December 30, 2010

ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා.......


සුභ අලුත් අවුරුද්දක් වේවා..........

මගේ මිතුරා.................


මගේ හිතේ තිබුන දුක සතුට

කාටත් වඩා උඹයි දන්නෙ

මගේ හිතේ තිබුන රහස්

උඹට විතරමයි කිව්වෙ

ජීවිතේ හැම මොහොතකදීම

උඹ මගේ ළගින් උන්නා.......

මට තරහ ගියාම

උඹට කොච්චර රිදවන්න ඇතිද..?

අම්මේ මම උඹව එබුව තරමක්.....ඒත්

උඹ මාත් එක්ක

කවදාවත් තරහ වෙලා නැහැ.......

උන්දැ දැන් කියනවා

උඹව විකුනන්න කියලා.......

ඒත්.... උන්දැවත් මුන ගස්සපු

උඹව මට විකුනන්න පුලුවන්ද?

Wednesday, December 22, 2010

අඹ යහළුවා


ජීවන ගමන් මගේ හමුවූ

ජීවිතයට ජීවය දුන්

සැපේදී මෙන්ම දුකේදීත්

බිතු සිතුවමක් මෙන් පිටු නොපෑ

මගේ අඹ යහළුව බලන්

අර ඈත පෙනෙන සයුරෙන් එහා ලෝකයේ

නුඹ වාගේ අය අඩුයි නොවැ

Thursday, December 16, 2010

ලාබයි... ලාබයි..... උපාධිය


අම්මේ..........
ලොකු මල්ලිට කියන්න
මේ පාර A/L වලට
එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ කියලා
තාත්තට කියන්න
ගෙදර ඉඩමේ ඔප්පුවෙනුයි,
හරක් ටික විකුනලා,
ලියද්දත් විකුනලා,
තව ණයක් අරගෙන,
සල්ලි ලෑස්ති කර ගන්න කියලා
දැන් සල්ලි දීලා උපාධිය ගන්න පුලුවන්
අපි වගේ මහන්සි වෙන්නෙ නැතුව
අනික අපිව දැන් ගනන් ගන්නෙ නැහැ නොවැ
එව්ව පිටරට උපාධිනෙ.........................

Monday, December 13, 2010

කැන්ටිමේ Recycle


මිරිකා කිරි ඉවත් කර ගන්නා ලද

පොල් කුඩු

නැවත

සම්බෝල හා මැල්ලුම් ලෙස

ප්‍රයෝජනයට ගැනීම........

Monday, November 8, 2010

අත් එසවීම


නාඩන් පූස් මල්ලියේ

නුඹට විතරක් නොවේ ඔය සරදම්

අපිටත් උරුමයි ඔය සරදම්.........

ඇත්ත කතා කරන සෑම මොහොතකදිම

නුඹ්ට වාගෙම අපිටත්..............

ඔය දඹර ඇගිල්ල එසවෙනවා

එතකොට අපිත් නුඹ වාගේම

බයටම අත් ඔසවනවා

අවසනට නුඹට වගේ

නිදහස

අපිටත් නැතිවෙනවා

Friday, October 8, 2010

රත්තරං වටින තෑග්ගක්


නුඹේ ඔය

රන් දෑතින් ඔසවන්නේ

කිලෝ වලින් මැනිය හැකි

බරක් නම් නොවේ...

නුඹ ඔය ඔසවන්නේ

ලංකා මෑණියන්ගේ

මිල කල නොහැකි වූ අභිමානයයි

පොදු රදුන් නුඹට දුන්නේ රිදී වුවද

අපිට නම් එය

රත්‍රං වලට වඩා වටිනේය

දකින විට නුඹේ ඔය

සාඩම්බරයෙන් පිරි මුහුන

හැගේ අපිටද සාඩම්බරයක්

නුඹද ලක් මෑණියන්ගේ

උතුම් වු පුතෙකි

ජය වේවා

චින්තන විදානගේ සොහොයුරනෙනි.

Saturday, October 2, 2010

එපා මට සල්ලි


බඩ ගින්නට
බල්ලෙකුට වත් කන්න බැරි
ඔය සල්ලි එපා මට
වීසි කරන්න ඕවා........
ගත්ත තැනටම ආපහු
ජීවිතේ වහන්න බැහැ
ඔය කොල වලින්
ඔයිට වඩා
ගොඩාක් වටිනවා
ජීවිතේ අපේ

Friday, October 1, 2010

පාට සමනලියෝ


රන්චු ගැහිලා
රෝන්දෙ යන
පාට පාට සමනලියෝ..............
බලාගෙනයි
නුඹේ ඔය
පාට යාවි හේදිලා........ වතුරට
නැද්ද දන්නේ.....?
නුඹේ පාට වල ඇති අගය..............

Friday, September 24, 2010

බෙදා ගන්න නෙවෙයි බදාගන්න


ඒ කාලේ
වෙරළු ගෙඩියත්
හරි හතකට බෙදාගෙන කන්න
ඉගෙන ගත්තු අපිට
දැන් කාලේ
පිනට් පැකට් එකක්ම
බදාගෙන කන්න
උගන්වන අපූරුව........

Tuesday, September 21, 2010

කාලෙකට පස්සෙ

ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්තා.බ්ලොග් එකේ ඇඩ්රස් එක වෙනස් කල හින්දා ලියන්න බැරි උනා.ඔන්න ආයෙත් ලියනවෝ.

Thursday, August 26, 2010

ඇය සහ ඔහු



ඔහුගෙන්ද
"ඇය"
හැදුනේ?
ඇයගෙන්ද
"ඔහු "
හැදුනේ?

Thursday, August 19, 2010

වීරවරියෝ


ජීවන රෝදෙට නූල අමුනා
ජිවන මාවත සලුවෙන් වියනා
ගතවු රුධිරය මැෂිමට දියකර හරිනා
නුඹ ගේ සිරසට
කිරුලු පල දින්නේ කවදාද?
කදුලු අතරින් සිනා සෙන
නුඹගේ ඔයදෑස
නිදි නැතුව වරු කීයක්
හඩන්න ඇතිද?
ලොවක් දිනන්නට හදනා නුඹ
රටක් ජිවත් කරන බව
දන්නවාද?
එහෙව් වූ නුඹ
තනනා ලොවට
ජයෙන් ජය වේවා.

Thursday, August 5, 2010

අවම ලංසුව කීයද?

පොඩි කාලේ හැදි චුටි ඇදුම් පොඩි
මුල්ම අකුර කෙරු අකුරු පොත
අවසනට හැදි පාසල් ඇදුම
අවසනට අකුරු කෙරු පොත පත
ගෙවෙනකම් පයලු පාවහන් යුගලය
හද රටා මැවු සමරු පොත
පෙමට ලියු පලමු පෙම් හසුන
පිනට ගිය අවසන් සීසන් පත
එකට ගිය පලමු බස් ටිකට් පත
තබා ඇත එකම මේසයක් මත
කරන්නට අලෙවි වෙන්දේසියේ
කෝ දෙන්න හැකිනම්
අවම ලංසුව මේවාට
ඈවරයි............

Monday, August 2, 2010

අන්තර්ජාල රෝගියා

........වසර 2500 දි........
හෙදිය : කෝ අත දෙන්න
රෝගියා : ඇයි මිස් ?
හෙදිය : මේ පෝර්ට් එක අතට jack කරන්න
රෝගියා : ඇයි ඒ
හෙදිය : ඔයාගෙ ලෙඩේට බේත් අපි ගාව නැහැ
රෝගියා : ඉතින්
හෙදිය : අපි බේතක් ඔයගෙ ඇගට download කරන්න යන්නේ
රෝගියා :අයියෝ මගෙ ඇගේ පරණ virus guard එකක් තියෙන්නේ
හෙදිය :බය වෙන්න එපා ඔයාට සිහි නැති වෙලාවෙ අපි අලුත් virus guard එකක් upload කලා
රෝගියා :එහෙනම් කමක් නැහැ
හෙදිය : ආ.... හරි බේත download වුනාට පස්සෙ save කරගෙන ගෙදර යන්න පුලුවන්
රෝගියා :තෑන්ක්ස් මිස්

Friday, July 30, 2010

සුදු කලු සහ ආදර කන්ද

ආදර කන්ද
නුඹ ළ‍‍ඟ සුදු වලා කැරලි
දැවටෙන කල නුඹ සේම
මා ද සතුටු වුනි.
එලසම
ඒ සුදු වලා කැරලි
නුඹ පියමන් කරන කල
මා ද නුඹ සේම දුක් වුනි
එහෙත්
නුඹට අකැප කලු වලා කැරලි
නුඹ සියොලග දැවටෙන කල
නුඹ සේම මා ද නෝක්කාඩු කීය
දිය පිපාසයේදි
කලු වලා කැරලි වරුසාවක් වි
නුඹේ ගතට සිසිල දෙන බව
වරුසාව නුඹේ ගතට කා වැදුන බව
නුඹේ ජිවය රකින බව
දැනගත් නමුදු නොපිළිගතිමු
බලන්න හැර පියා හද කවුළු
සුන්දර හෝර්ටන් පෙදෙස වසාගෙන
ලොවට එය සඟවා සිත්හි රඳවා
සිටින නුඹට
සුදු වලා කැරලි වලට වඩා
කලු වලා කැරලි ආදරෙයි බව විදින්න
නුඹ
සුදු මායාවට වඩා
කලු යථාර්තයටදෙනු මැනවි හදකවුඵ විවරකර
මක් නිසාදයත්
නුඹ කන්දක් වුවද
නුඹත් මාත් දෙදෙනෙකු නොව
එකෙකු බැවිනි........

Wednesday, July 28, 2010

සැප බස්

කොළඹ සිට බදුල්ල සොයා ගාටන
සැප උවත් සැප නොමැති
බස් රථයකි ............
ළමයෙක් වඩාගෙන අම්මා කෙනෙක්
නැගුනි සිය සැමියාද සමග
නැත කිසිවෙකු බලන්නට ඉදගෙන සිටිනා
බැලුවේ අය පමනයි තෙරපි සිටිනා
ලැබුනත් අසුනක් පමාවි
දෙන්නේ කවුද ....? අසුන ඊලග වැඩිහිටියාට
සැප කියා තිබුනද කිසිම සැපයක් නොමැති
වැඩි මුදලක් අය කරන
හෝරා හය හතක් සිටගෙන
තෙරපි යන ගමනේ අසුනක් පතන්නේ
කෙලසකද.... ? අනුන්ගෙන්
ගැටළුව කුමක් වුවද පිළිතුර අනිවාර්යය...............

Friday, July 23, 2010

ලස්සන

මුහුනේ ලස්සන හදවතේ තිබුනා නම්
ලෝකය කොතරම් ලස්සනද?
හදවතේ ලස්සන මුහුනේ තිබුනා නම්
ලෝකය කොතරම් බියකරුද?

Wednesday, July 7, 2010

මම

මෙන්න මගෙ පලවෙනි බ්ලොග් එක.මම sabaragamuwa campus එකෙ ඉගෙන ගන්න කෙනෙක්.මම ගොඩක් කලෙක ඉදන් බ්ලොග් කියෙව්වා.මටත් බ්ලොග් ලියන්න අසාවක් අති උනා.එක හින්දා ඔන්න මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා.මගෙ ගම ගම්පහ.ගම්පහ උනාට කම්පුටර් එකක් අල්ලන්න හම්බ උනෙ campus ආවට පස්සෙ.එක හින්දා ගොඩක්wrongs වෙන්න පුලුවන්.මට ඔයාලගෙcommence ඔනි. ඒවා ගොඩක් වටිනවා.Thanks