Thursday, December 29, 2011

පිං කැටය


තුන්ලොවක් වෙත
මොක් මග පෑදු
අප මහ බුදුපියාණන්
ඉදිරිපිට තබා ඇත
පිං කැටය

පිං කැමති අයවලුන්
නිතර යන එන බැතිමතුන්
දමා යති ශත ගණන්
පිංකමක් පතමිනේ

පිවිතුරු මල් මිටක්
මිස කුණු වැටුනු මිල මුදල්
එපා තබන්නට
බුදු සමිදු ඉදිරියේ

Thursday, December 22, 2011


ඇය සුදුයි
උසයි
නමින් දික්තලය

ඔහු කලුයි
මිටියි
නමින් කාලගෝලය

සත් වසක් කඹුරා
රැගෙන යයි ඔහු ඇයව
සහේට කැන්දා


මගදී අතරමග
හමුවුණි දික්පිටිය
කඩවසමින් යුතු

බිදුනි සිත කාල ගෝලගෙන්

බැදුනි සිත දික්පිටියාට
පැනගියාය ඈ

වියතුන් සභා මැද
උරුම උනි දික්තලට ඇයව
උරුම උනි කාලගෝලට දුකම

කලක් ගත උනි මෙලෙස
දික්පිටිය හා දික්තල
පවුල් කෑහ එකට

එහෙත් දිනක්
දැන ගතිනි ඇය
දික්පිටිය විවාහක බව
දරුවන්ද සිටින බව

ඇරඹුණි ආරවුල
දික්තල වැටුණි මහ පාරට
දික්පිටිය වැටුණි භාරයට සිය අඹුගෙ

නැත යාමට මගක්
නැත පිළිසරණක්
සිහිවුණි දික්තලට කාලගෝලව

දිරිකොට සිත
පැමිණියාය
හමුවන්නට ඔහුව

පුදුමයකි සිත
අරුමයකි ආදරය
භාරගතිනි ඔහු ඇයව
දරුවකුද සමග

නිමවුනි මෙලස
අදියර දෙවෙනි
දික්තල කාලගෝල

Wednesday, November 30, 2011

අපේ කමට ,ගමේ රසට, හෙළයා......

මහ මඟ.....
කඩ පිලේ....
සල්පිලේ .....
පොල් අතු වලින් වට කර
පිදුරු හෙව්ලි කර වහලයට
රතු හාලට.....
කැකුලු බතට .....
මාලු පිනි....
සමග
මිරිස් කරලක්.....
පපඩමක්.....
තබා
නෙලුම් කොලේට .....
කෙසෙල් කොලේට....

බෙදා
රෙද්ද හැට්ටෙ

බැනියම් ,සරම්
ඇද
අපේ කමට
ගමේ රසට
හෙළයා විකිණීමට ඇත

Monday, November 21, 2011

කදුලේ චක්‍රය


හදවතින් නෙතට...
නෙතින් දෙකම්මුලට...
දෙකම්මුලෙන් නිකටට...
නිකටින් පපුවට...
පපුවෙන් වායු ගෝලයට...
වායු ගෝලයෙන් හුස්ම වලට...
හුස්ම වලින්...
නැවතත් හදවතට.......

Tuesday, November 8, 2011

මගෙ බන්ඩිය චන්ඩියි


මාස ගානක් අම්මගෙන් කිරි බිපු
කටට රහට බත් ගුලි ගිලපු
කොල මැල්ලුම්,අල,බතල, යසට ගිලපු
ගෙදර පලතුරු ගෙඩි පිටින් කාපු

උඹේ බන්ඩියට වඩා

පිටරට හරක්ගෙ කිරි මාස ගානක් බීපු
එදා වේලෙ පොඩි පොඩි කෑම ජාති ගත්තු
හොදට "කන්නයි බොන්නයි" පුරුදු වෙච්ච
මගෙ බන්ඩිය චන්ඩියි.......
හූ..... හූ.......

Thursday, September 22, 2011

ලංකාවෙ අපි



ජීවිතේකට

අල්ලපු ගෙදර

එකා එක්කවත්

කට පුරා

හිනා වුනේ නැති

අපේ ඇත්තො

කට පුරා ලස්සන හිනාවක්

මූනු පොතේ

දාගෙන බරටම

කතාව දැන් .........


ලංකාවෙ අපිනෙ

සංවර්ධන පාන් ගෙඩිය






අතීත පුරාජේරුව

නැමති

ඊස්ට් යොදා පුම්බන ලද

පිටි මෝලිය

දේශමාමක බක්කරේ
විසින්

පුච්චන ලද සංවර්ධනය

නැමති

පාන් ගෙඩිය කන්නද........?

.......එපා එපා........
ඕක හැදුවේ

පෙන්නන්න විතරයි

Wednesday, September 21, 2011

E- Farming




කිසිදාක


පස් පිඩක් පෙරලලා


මඩ ඩිංගිත්තක් ගාගෙන

බීජ ඇට වපුරල


සාත්තු කරල


අස්වැන්නක්


නොගත් එවුන්


දැන් බරටම


මූනු පොතේ



වගාව

Thursday, August 18, 2011

පාඩම් කිරීම



පොතක් අරගෙන


අතට


වැදගත් සියලු


කරුණු


පිලිවෙළට


පාට කූරකින්


පාට කිරීම


සහ


වැදගත් සියලු


කරුණු


කෙටි සටහනකට



දැමීම


මතකයට එපා........

Monday, July 18, 2011

වෟතීය අධ්‍යාපනය


ඇති එවුන් යන
නැති එවුන් නොයන
උපාධියට වඩා වටින
වෟතීය අධ්‍යාපනය

ඇරඹුම ලොකුය
අදියර පලමු වැනි
වැඩි ලකුණු
සියල්ලෝම සමත්ය

පිවිසුම පටුය
අදියර දෙවෙනි
අඩු ලකුණු
ටික දෙනෙක් සමත්ය

ගමන දුෂ්කරය
අදියර ඉන්පසු
නැත ලකුණු
අයෙක් සමත්ය

පිළිගැනුම ඉහලය
පුද්ගලික සැමගේ
ගමන අපහසුය
නැති උන්ට

වෟතීය අධ්‍යාපනය

Wednesday, June 29, 2011

කැටයම් බෞද්ධයා



සම්බුද්ධත්ව ජයන්තියට
පාට සව්කොල
රූප කඩදහියෙන්
අලංකාරව කැටයම් කල
බෞද්ධකමේ අටපට්ටම
අව්,වැසි,සුළගට
ජරා ජීර්නව ගොස් ඇත

"ඕක ගලවල ව්සිකරන්න, ඊළග පාර වෙන කැටයමක් දාමු"
(කැටයම් බෞද්ධයා)

Monday, June 27, 2011

කෙල්ලො එපා.......



දෑවද්දට
බඩු මුට්ටු එක්ක
දඩෝරියෙක් හම්බ උන
නරි බෑනෙක්

වැද්දෙක්ගෙන්
කඩු පහර කෑ
මනමේ කුමාරයෙක්

හත් අවුරුද්දක්
මෙහෙවරකම් කරල
දුක උරුම කරගත්තු
කාලගෝලයෙක්

හමුවුනි එකට බස් නැවතුම් පලක
"අපි කෙල්ලෙක් නැති බස් එකක නැගල යමු අපේ ගමන "

Tuesday, May 31, 2011

නායකයෙක් වන්නට නම්........


වම දකුණ වම
වම දකුණ වම
වම දකුණ වම

ව... ඇති ඇති
අද ඉදන්
දකුණට....... හැරේන්
පහසුවෙන් යා........න්

දකුණ දකුණ දකුණ
දකුණ දකුණ දකුණ
දකුණ දකුණ දකුණ

දැන් කරදරේ ඉවරයිනේ

Wednesday, May 25, 2011

ඇති ඇති නවත්තන්න ඕක


එපා මට
ඔය බොරු කතා.....
චාටු දෙබස්.............
සුරංගනා කතා........
සුරංගනා ලෝක......

ඇති වෙලා මට ඕවා
නවත්තන්න ඕක

එක පාරක් ආදරෙන්
"ආදරෙයි"
කියන්න මට ඇත්තටම
ඔය ගැහෙන හදවතින්

නැත්නම් හැදෙයි මට පිස්සු

Friday, May 6, 2011

ගැටිස්සියේ බලාගෙනයි...




යාන්තමට ගැට ඉස්සුනු
ගැටිස්සියක්
යාන්තමට රැවුල වැවුන
ගැටවරයෙක්
අතේ එල්ලී සිටියාය
පෝලිමේ
එනතුරු තම වාරය
මිලදී ගන්නට
කොන් හතරක පෙට්ටියකට වී
නැරඹීමට චිත්තර පටියක්

සොයුරියේ..................

නුඹ නොදුටු ලෝකයේ
සැරිසරන්නේ බලාගෙනයි.............!
කොන් හතරේ පෙට්ටියෙන්

එබී බලනු

එහා ඇති නුඹේ ලෝකය දෙස
ඒ ලෝකය
නුඹ දෙස බලා හිදී
සෙනහසින් සේම
වක් වූ හොර දෙනෙත් වලින්

Monday, May 2, 2011

තත්පර කටුව



ටික් ටික් ටික්.....

ටක් ටක් ටක්.....

එක තත්පරයක් වත්

අහක නොදා

එක හැල්මෙ


එක දිගට

කැරකැවෙන

තත්පර කටුව

අද පොඩ්ඩක්

හිමින් කැරකියන්කො......

මම යනවා මම හම්බවෙන්න

Friday, April 29, 2011

ටෙලි නාටකය..........




පාට පියරු

සුවද ඇග තැවරූ

චරිතද

කථා,දෙබස්

තිර පිටපත්

වනපොත් කල

චරිතද

පමණි ඇත්තේ

නැත අරුතක්

ජීවිතයට

ටෙලි නාටකය

එපා මල් කඩන්න..........




හොවා ගෙන

දුරකථන සවන් පත් ළග


රුවා ගෙන

ඇබ සවන් පත් තුල


උදේ සිට.............
උදේ වනතුරු......



දොඩ වන්නේ මහ මෙරක්ද........ ?
ඔතරම්..........????



බැලුවේ නැතිද........? වටපිට
දැනුනේ නැතිද........? වටපිට

නුඹ දෙස.............


සවන් පත් කොපමණ
දෙනුවන් කොපමණ



බලා සිටින බව,
ලත වෙන අන්දම


කඩන්න මලක් නොමැතිව


එපා මල් කඩන්න...............

Thursday, April 28, 2011

කාගෙද මේ නද............


කාක් කාක්.........


කුක්කු කූක් කූක්.......


උම්බෑ උම්බෑ..........


ට්න් ටින් ටින්.........


බක බක...................


හෙලෝ හෙලෝ...............

Thursday, April 21, 2011

සුභ අලුත් අවුරුද්දක් වේවා.............

සුභ අලුත් අවුරුද්දක් වේවා.............

ගොඩ කාලෙකින් ලියන්න බැරි උනා.... ආයෙමත් පටන් ගම්මු.....

Tuesday, February 22, 2011

රූකඩ කතාව


තනිව වැනෙන්නට
හැකියාවක් නොමැති වුවත්
පිටුපසින් ඇදෙන නූලකින්
එහාමෙහා වැනෙනෙ
රූකඩ සරඹකි........

හුදෙක් නරඹන්නට
කැමත්තක් නොමැතිමුත්
කරන්නත් යමක් නොමති බැවින්
නරඹන්නට ආ
රූකඩ සරඹකි..........

දහසකුත් දේවල්
ඇතිමුත් සිතේ තදකරගෙන
පැවසුවා එය මාහටම
රුකඩ සරඹ........

එනමුත්
පිටු පසින් ඇති
පණ හඩකින් හඩ කැව්වද
රූකඩ සරඹ.......

මගේසිතැගි
පවසනු කෙළස කවුරුද?
මමත් රූකඩයක් සේ හැගෙන බව
නුඹේ ආදරේ නුලෙන් ඇදෙන.......

Monday, February 7, 2011

කෝ තාම නැහැනෙ...


උසස් පෙල...............හරි

උපාධිය....................හරි

ඉංග්‍රිසි.......................හරි

කොම්පියුටර්............හරි

ආ...චාටඩ් එකත්

අමාරුවෙන්..... ........හරි

සුදුසුකම් ඔක්කොම..හරි

ඉන්ටව් එක ආ...... එකත් පාස් නොවැ

ඒත් යකෝ කෝ එන්ට කිව්වෙ නැහැනෙ තාම රස්සාවට

ඈ... බන් උඹට කොහොමැයි රස්සාව හම්බ උනේ

උඹට නෑනෙ මංත්‍රීතුමාගෙ ලියුම ඒකයි හම්බ නොවුනෙ

ලාබයි......... අඹද...? ඇපල්ද......?


අච්චර දුර ඉදන් ආපු
ඇපල් ගෙඩියට
වඩා.....
මෙච්චර ලග ඉදන් ආපු
අඹ ගෙඩියට
තියෙන ගණන්.........
සියරට දේ සිරි සැප දෙනවලු නේ........