Thursday, December 22, 2011


ඇය සුදුයි
උසයි
නමින් දික්තලය

ඔහු කලුයි
මිටියි
නමින් කාලගෝලය

සත් වසක් කඹුරා
රැගෙන යයි ඔහු ඇයව
සහේට කැන්දා


මගදී අතරමග
හමුවුණි දික්පිටිය
කඩවසමින් යුතු

බිදුනි සිත කාල ගෝලගෙන්

බැදුනි සිත දික්පිටියාට
පැනගියාය ඈ

වියතුන් සභා මැද
උරුම උනි දික්තලට ඇයව
උරුම උනි කාලගෝලට දුකම

කලක් ගත උනි මෙලෙස
දික්පිටිය හා දික්තල
පවුල් කෑහ එකට

එහෙත් දිනක්
දැන ගතිනි ඇය
දික්පිටිය විවාහක බව
දරුවන්ද සිටින බව

ඇරඹුණි ආරවුල
දික්තල වැටුණි මහ පාරට
දික්පිටිය වැටුණි භාරයට සිය අඹුගෙ

නැත යාමට මගක්
නැත පිළිසරණක්
සිහිවුණි දික්තලට කාලගෝලව

දිරිකොට සිත
පැමිණියාය
හමුවන්නට ඔහුව

පුදුමයකි සිත
අරුමයකි ආදරය
භාරගතිනි ඔහු ඇයව
දරුවකුද සමග

නිමවුනි මෙලස
අදියර දෙවෙනි
දික්තල කාලගෝල

2 comments:

  1. අය්යේ,ඔයාට හැම වෙලාවෙම අළුත් විදිහකට,වෙනස් විදිහට හිතන්ට මාර හැකියාවක් තියෙන්නේ..........
    අළුත් කාලගෝල කථාව මරු
    කෙල්ලෝ කෝමත් ඔය වගේයි තමයි,
    ඒ වගේම
    ඔය වගේ කොල්ලොත් ඕන තරම් ඉන්නවා
    ඒත් කාලගෝල වගේ කොල්ලොනම් නැති තරම්........

    ReplyDelete