Saturday, August 4, 2012

අපේ රඹුටන් ගහ

පුන්චියට හිටෝපු
අපේ රඹුටන් පැලේ
දැන් ලොකු ගහක් වෙලා

මේ ලගකදි මල් දාලා
පුන්චියට ගෙඩි ඇවිත්
දැන් ලේ රතු පාටට
ගෙඩි හැදිලා

දවල් කාලෙට
සත්තුන්ට ගහ හොයා ගන්න
ලේසි වෙන්න කියල
රොකඩයක් බැන්දා

රෑට වවුලන්ට
හොයා ගන්න
ලේසි වෙන්න
ලයිට් එකකුත් දැම්මා

ඒත් අනේ
එක සතෙක්වත්
ආවේ නැහැනෙ ගෙඩි කන්න
මොකද දන්නෙ නැහැ...........