Thursday, April 19, 2012

ගම් මැද්දේ අවුරුද්ද-ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.......


ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.......

නැකතේ පාටට උජාරුවට හැදපැළද ගත්
හැඩකාර නිවේදක නිවේදිකාවන්
මෙහෙයවති අවුරුදු උදානය
විවිධ අරුමෝසම් යොදා

ගම්මැද්දේ ජන සෙල්ලම්
දැන්වීම් වලට පමණක් ඔබා
පවත්වති විකාර බහුරූප තරග
එකෙකු පරයා එකෙකු නැගෙන්නට

තරගෙට බීම බීම, බිස්කට් කෑම
වාසනා චක්‍ර කැරකවීම, තොප්පි මාරු කිරීම
අහෝ........
වසන්ත උදානයක අරුම

නැකත් නොනැකත් දෙකම එක සේ
රූපවාහිනියෙන්, ෆෝන් එකෙන්
ඇත අපේ උන්
වැඩ අල්ලා

පාට යොදා පින්තාරු කල මුහුණු
නලවමින් යන අග පසග
තබා ඇත වෙන්දේසියෙහි
විකිනෙන්නට....

කඩපිල්වල,සැණකෙලියේ,බාර් එකේ
රූපවාහිනියේ,ගුවන්විදුලියේ
යහමින් විකුණාගෙන කති
ගම්මැද්දේ අවුරුද්ද

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.......