Friday, November 30, 2012

නික්මනට පෙර.....


සමුදෙන්න ලගයි
නුඹට
අම්මේ සබරගමු.....

සිව් වසරක් පුරාවට
අපට සෙවණ දුන්නේ
නුඹයි.....

හැඩ දමා ජීවිතය
අපව හැඩ කලේ
නුඹයි....

සදා අපි නුඹට
ණයගැතියි
සබරගමු අම්මේ.....


ඉතින් ආයුබෝවන්........

Friday, November 9, 2012

ක්‍රීඩාව කැරම්


හතරැස් බෝඩ් එකක් 
වටේට සිදුරු හතරක් 
සුදු ඉත්තන් නමයක් 
කලු ඉත්තන් නමයක් 
එයට මැදිවූ රතු ඉත්තෙක්
 එකම එක ඩිස්ක් එකක් 

තරගකරුවන් දෙදෙනෙක්
ප්‍රතිවිරුද්දව 
ජයග්‍රහණය කාටද?

පැමිණේ 
තවත් දෙදෙනෙක්
සැනෙකින් වෙනස් වෙයි
තරගය.......

 තරගකරුවෝ දෙදෙන 
එක පැත්තට 
දැන් දෙදෙනාටම
 එකම පාටක්
 එක අරමුණක් 
------ක්‍රීඩාව කැරම්-----