Tuesday, June 16, 2026

ජීවන වියදම

 වැඩිය ගන්න හොද නෑ.................. භාගයක් ඇති

ස්ප්‍රයිට් වල සීනි..... ........................ඇල්වතුර හොදයි

ආසිරි බයිට් දැන් හොද නෑ................කිරල ගමු

දුම නම් කොහොමත් හොද නෑ...,,,,,,,,,,,,,,,,,,,, අද දුම නොදා ඉම්මු

තැන තැන්වල බොන්න බෑ....,,,,,,,,,,,,,,,,,,,,,,, ගෙදරින් අසෝක විදුරුවෙ බොම්මු...

ලබන සතියෙ නම් වැඩ... නොබී ඉම්මු.... හූම්ම්...............


Friday, June 5, 2026

කිසිවක් සිදුවී අවසන් නොමැත



 කිසිවක් සිදුවී අවසන් නොමැත
සියල්ල සිදුවෙමින් පවතී...

අතීතකාමය වේදනාවකි - සිහිපත්කරන්නාට
අනාගතකාමය සිහිනයකි - සිහින මවන්නාට
වර්තමාන ෆැන්ටසියකි - ජිවත්වන්නාට

හෙටද මේ වෙලාව මේ වෙලාවටම පැමිනේ...
දුක සැප , සතුට වේදනාව එක ලෙස පැමිණේ

සියල්ල සිදුවෙමින් පවති.....


Monday, June 1, 2026

Dhurandhar

 

ධුරන්දර් 

දැසීන් - නරඹමි
සිතින් - රගපාමි
ගතින් - ජීවත් වෙමි
කෙදිනක් හෝ..
නරඹා...
රගපා....
ඉවර විය යුතුය...

නිමකිරීමට 
අද හොදම දවස.......

Tuesday, May 5, 2026

වැස්සට ලියමනක්

 









අවාරයට 

ඉරිතැලුනු 

සරුසාර පොලොව

 නිලෙන් අස්වද්දනට 

වැස්ස.........

 නුඹ එන්නෙ කවදාද?  


මීට,

විශ්වාසි,

සරුසාර මහ පොලොව 

Monday, May 4, 2026

මධුවිත

 







මධුවිත

නුඹ ඉතා රසවත්

පැණි රස සමගද

සිසිල් ජලය සමගද

සෝඩා සමගද

නැතිනම්

දුක සමගද....?

Sunday, May 3, 2026

අතීතය තුල සැරිසැරීම










අතීතය තුල සැරිසැරීම 

විටක හරි විනෝදජනකය

විටක දුක්සහගතය

විටක භයානකය


දරාගත නොහැක්කේ.....

 

අතීතයෙන් වර්තමානයට 

රැගෙන ආ ජීවිතය

එක්වරම නතරවීමය

Monday, October 12, 2020

උරැමය සෙවීම

 







 


තනිකඩව පාර පුරා

ඇවිදිමින්

 පොත් සාප්පුතුලට වී කාලය ගෙවමින්

බස් රථයේ ජනේලය අසල මග බලමින්

 සිතැගි උරුමය සොයා යන්න.....


තමන් කැමති කෑමක් කන්නට

තමන් කැමති වැඩසටහන නරබන්න

තමන් කැමති බීමක් බොන්නට

තමන් කැමති අයවලුන් ඇසුරු කරන්නට

ජීවිතයේ තමන් කැමති මානය විදින්නට 

මුව පුරා සිනා සීමට

උරුමය සොයා යන්න....