ඩුමාංඡරිය
හැඩ වැඩ දමා අහසේ පාවෙන සරුංගලය
Pages
සිතිවිලි
මම ගැන බිදක්
Monday, December 13, 2010
කැන්ටිමේ Recycle
මිරිකා කිරි ඉවත් කර ගන්නා ලද
පොල් කුඩු
නැවත
සම්බෝල
හා
මැල්ලුම්
ලෙස
ප්‍රයෝජනයට ගැනීම........
Monday, November 8, 2010
අත් එසවීම
නාඩන් පූස් මල්ලියේ
නුඹට විතරක් නොවේ ඔය සරදම්
අපිටත් උරුමයි ඔය සරදම්.........
ඇත්ත කතා කරන සෑම මොහොතකදිම
නුඹ්ට වාගෙම අපිටත්..............
ඔය දඹර ඇගිල්ල එසවෙනවා
එතකොට අපිත් නුඹ වාගේම
බයටම අත් ඔසවනවා
අවසනට නුඹට වගේ
නිදහස
අපිටත් නැතිවෙනවා
Friday, October 8, 2010
රත්තරං වටින තෑග්ගක්
නුඹේ ඔය
රන් දෑතින්
ඔසවන්නේ
කිලෝ වලින් මැනිය හැකි
බරක් නම් නොවේ...
නුඹ ඔය ඔසවන්නේ
ලංකා මෑණියන්ගේ
මිල කල නොහැකි වූ අභිමානයයි
පොදු රදුන් නුඹට දුන්නේ රිදී වුවද
අපිට නම් එය
රත්‍රං
වලට වඩා වටිනේය
දකින විට නුඹේ ඔය
සාඩම්බරයෙන් පිරි මුහුන
හැගේ අපිටද සාඩම්බරයක්
නුඹද ලක් මෑණියන්ගේ
උතුම් වු පුතෙකි
ජය වේවා
චින්තන විදානගේ
සොහොයුරනෙනි.
Saturday, October 2, 2010
එපා මට සල්ලි
බඩ ගින්නට
බල්ලෙකුට වත් කන්න බැරි
ඔය සල්ලි
එපා මට
වීසි කරන්න ඕවා........
ගත්ත තැනටම ආපහු
ජීවිතේ වහන්න බැහැ
ඔය කොල වලින්
ඔයිට වඩා
ගොඩාක් වටිනවා
ජීවිතේ අපේ
Friday, October 1, 2010
පාට සමනලියෝ
රන්චු ගැහිලා
රෝන්දෙ යන
පාට පාට සමනලියෝ..............
බලාගෙනයි
නුඹේ ඔය
පාට යාවි හේදිලා........ වතුරට
නැද්ද දන්නේ.....?
නුඹේ පාට වල ඇති අගය..............
Friday, September 24, 2010
බෙදා ගන්න නෙවෙයි බදාගන්න
ඒ කාලේ
වෙරළු ගෙඩියත්
හරි හතකට බෙදාගෙන කන්න
ඉගෙන ගත්තු අපිට
දැන් කාලේ
පිනට් පැකට් එකක්ම
බදාගෙන කන්න
උගන්වන අපූරුව........
Tuesday, September 21, 2010
කාලෙකට පස්සෙ
ඔන්න කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්තා.බ්ලොග් එකේ ඇඩ්රස් එක වෙනස් කල හින්දා ලියන්න බැරි උනා.ඔන්න ආයෙත් ලියනවෝ.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)