Saturday, August 4, 2012

අපේ රඹුටන් ගහ

පුන්චියට හිටෝපු
අපේ රඹුටන් පැලේ
දැන් ලොකු ගහක් වෙලා

මේ ලගකදි මල් දාලා
පුන්චියට ගෙඩි ඇවිත්
දැන් ලේ රතු පාටට
ගෙඩි හැදිලා

දවල් කාලෙට
සත්තුන්ට ගහ හොයා ගන්න
ලේසි වෙන්න කියල
රොකඩයක් බැන්දා

රෑට වවුලන්ට
හොයා ගන්න
ලේසි වෙන්න
ලයිට් එකකුත් දැම්මා

ඒත් අනේ
එක සතෙක්වත්
ආවේ නැහැනෙ ගෙඩි කන්න
මොකද දන්නෙ නැහැ...........

Friday, July 6, 2012

කී....න්..... මෙන්න මදුරුවෙක්.... චටාස්.......


''මිනිස්සු මෙච්චර කුහකයි කියලා 
මම නම් හිතුවෙ නැහැ කවදාවත්ම ''


තැන් තැන් වල
එක එක ජාතියෙ
වැදුම් ගෙවල් හදල
අපිට වින්නඹුකම් කරල
අපිව උපද්දවලා
දැන් එනව
මහ ලොකුවට
අපිව මරන්න

Thursday, July 5, 2012

මම අහන්නෙ මගේ එෆ්.එම්



බඩු මල්ලකට
මුදල් තෑගි වලට
රත්තරන් කෑල්ලකට
රීලෝඩ් එකකට


එපා පාවා දෙන්නට
රත්තරන් වලට
වඩා වටින
ඔබේ
උසස් රසවින්දනය

Thursday, April 19, 2012

ගම් මැද්දේ අවුරුද්ද-ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.......


ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.......

නැකතේ පාටට උජාරුවට හැදපැළද ගත්
හැඩකාර නිවේදක නිවේදිකාවන්
මෙහෙයවති අවුරුදු උදානය
විවිධ අරුමෝසම් යොදා

ගම්මැද්දේ ජන සෙල්ලම්
දැන්වීම් වලට පමණක් ඔබා
පවත්වති විකාර බහුරූප තරග
එකෙකු පරයා එකෙකු නැගෙන්නට

තරගෙට බීම බීම, බිස්කට් කෑම
වාසනා චක්‍ර කැරකවීම, තොප්පි මාරු කිරීම
අහෝ........
වසන්ත උදානයක අරුම

නැකත් නොනැකත් දෙකම එක සේ
රූපවාහිනියෙන්, ෆෝන් එකෙන්
ඇත අපේ උන්
වැඩ අල්ලා

පාට යොදා පින්තාරු කල මුහුණු
නලවමින් යන අග පසග
තබා ඇත වෙන්දේසියෙහි
විකිනෙන්නට....

කඩපිල්වල,සැණකෙලියේ,බාර් එකේ
රූපවාහිනියේ,ගුවන්විදුලියේ
යහමින් විකුණාගෙන කති
ගම්මැද්දේ අවුරුද්ද

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.......

Wednesday, March 28, 2012

සහෝදර මිතුරුදමට




රස නැති කැවිලි වත් නොමැතිව
කුසගින්නට බඩපොත්ත පිච්චෙන විට
පාවහන් යුගල ගෙවී ගොස්
බොරලු, දෙපයට සිනාසෙනවිට
කල්ගිය රෙදි වැරලි
ගතට සරදම් කරන විට
ඇල්මෙන් අකුරු උගනින්නට
කඩු පහර හරස් වන විට
පිරී ඉතිරී ගිය මිතුදම්
සදාකල් රැදේවා..........

Monday, February 6, 2012

උපාධියක මහත.........


අපේ අම්මා මා හැදුවේ
උපාධියක් අරන් නොවේ........
අපේ තාත්තා මා හැදුවේ
උපාධියක් අරන් නොවේ.......
වාසිටි ඉදලා මම එන්නේ
රස්සාවක් අරන් නොවේ.......
ඔබ දෙපලට සලකන්නට
උපාධියක් හිසේ තියේ.........

Thursday, December 29, 2011

පිං කැටය


තුන්ලොවක් වෙත
මොක් මග පෑදු
අප මහ බුදුපියාණන්
ඉදිරිපිට තබා ඇත
පිං කැටය

පිං කැමති අයවලුන්
නිතර යන එන බැතිමතුන්
දමා යති ශත ගණන්
පිංකමක් පතමිනේ

පිවිතුරු මල් මිටක්
මිස කුණු වැටුනු මිල මුදල්
එපා තබන්නට
බුදු සමිදු ඉදිරියේ