Wednesday, August 27, 2014

නික්ම යාමට අවසරයි...


දෙනු මැන අවසර
නික්මී යන්නට මේ ලෝකයෙන්
පැතූ ලෝකය
බොදවී ගොස් හමාරය...
කිමද සිදු වූයේ....
අලුත් ලෝකයක් පතන්නට අවසරය..... 
එහෙත් මා ගන්ධබ්බයෙක් වුව හොත්......?
එහෙත් මා යායුතුමය.....
අවසරයි....
නික්ම යාමට අවසරයි...

Sunday, August 17, 2014

බලාපොරොත්තුව.....

සිටිමි බලා
දෙනෙත් විඩා බරය
ගත දුක්බරය
නුඹද තැවුලෙන්ය

සිටිමි බලා....

ජීවිතය එනතුරා....

Monday, April 14, 2014

නුඹ දුර හන්දා.....


  


ගත දුර හන්දා...

සිත දුර හන්දා....

නෙතුද දුර හන්දා...

සිහින නොදකින හන්දා...


තනිකම හන්දා...

මතකය ඈත අතීතෙක හංගා...

විදිමි විදවමි....

නුඹයි... මමයි.... ඈතක හන්දා....


එනවාද.....? 

වස්සානය...... 

මේ ඇගෙයි..... මගෙයි.... 

කතන්දරය හින්දා.....


Sunday, February 23, 2014

නුඹ සහ මම












මම නුඹෙන් දුරස් වෙලාදෝ....
ඇත්තද....?

ඇත්ත තමයි......
නුඹ දුරස් වෙලා මගෙන්......
ඇත්තටමද.....?

ඇත්ත නෙවෙයි......
එහෙනම්.....

නුඹ උන්නු මගේ ලෝකෙට
පුංචි රස්සාවක් රිංගලා......


අනේ...........

Tuesday, May 28, 2013

පාරමිතාව

හිතේ කවියක් ලියනවා ඔබ
ගගක් වී ගලනවා
ආදරේ මකරන්ද පුරවා
ඔබේ ආදරණීය ඇස් දෙක
ජීවිතේ නිවනවා.....

( පද: කුමාරතුංග-මැල්සිරිපුර )

Friday, November 30, 2012

නික්මනට පෙර.....


සමුදෙන්න ලගයි
නුඹට
අම්මේ සබරගමු.....

සිව් වසරක් පුරාවට
අපට සෙවණ දුන්නේ
නුඹයි.....

හැඩ දමා ජීවිතය
අපව හැඩ කලේ
නුඹයි....

සදා අපි නුඹට
ණයගැතියි
සබරගමු අම්මේ.....


ඉතින් ආයුබෝවන්........

Friday, November 9, 2012

ක්‍රීඩාව කැරම්


හතරැස් බෝඩ් එකක් 
වටේට සිදුරු හතරක් 
සුදු ඉත්තන් නමයක් 
කලු ඉත්තන් නමයක් 
එයට මැදිවූ රතු ඉත්තෙක්
 එකම එක ඩිස්ක් එකක් 

තරගකරුවන් දෙදෙනෙක්
ප්‍රතිවිරුද්දව 
ජයග්‍රහණය කාටද?

පැමිණේ 
තවත් දෙදෙනෙක්
සැනෙකින් වෙනස් වෙයි
තරගය.......

 තරගකරුවෝ දෙදෙන 
එක පැත්තට 
දැන් දෙදෙනාටම
 එකම පාටක්
 එක අරමුණක් 
------ක්‍රීඩාව කැරම්-----