ඔයා නම් වැඩක් නැහැ අනේ.....
ඔයා ඊයෙවත් බීලා ආවෙ නැහැ !
ඒකට බලන්නකෝ
මිසිස් පෙරේරාගේ මහත්තයා...
ඊයේත් ආවෙ කනමදයා වගේ බිලා හතර ගාතෙන්
බලන්න කොච්චර ආඩම්බරද එයාට...!
හ්ම්ම්ම්......
ඔය තියෙන කම්මැලිකම නැතිවෙන්නත් එක්ක අදවත් පොඩ්ඩක් බොනවද
ඔන්න අදනම් නොබී ආවොත් එහෙම ගෙට ගන්නේ නැහැ...!
කොහෙද කොච්චර කීවත් වැඩත් තියෙයිද
පාර්ටි එකකදිවත් පොඩ්ඩක්වත් බොන එකක්ද නැහැනෙ
මම කොහොමද කටක් ඇරල කියන්නේ
"මහත්තය බොන්නේ නැහැ" කියල....
තමුන්ට මතකද අන්තිමට බීපු දවසවත්
හ්ම්ම්ම්ම්....
ඒ බීවෙත් මගෙ ඕන කමට බලකරල
බිවුවෙත් වීදුරුවයි නෙ....
අනේ මෙහෙමත් මහත්තයෙක්.....!