Thursday, December 30, 2010

ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා.......


සුභ අලුත් අවුරුද්දක් වේවා..........

මගේ මිතුරා.................


මගේ හිතේ තිබුන දුක සතුට

කාටත් වඩා උඹයි දන්නෙ

මගේ හිතේ තිබුන රහස්

උඹට විතරමයි කිව්වෙ

ජීවිතේ හැම මොහොතකදීම

උඹ මගේ ළගින් උන්නා.......

මට තරහ ගියාම

උඹට කොච්චර රිදවන්න ඇතිද..?

අම්මේ මම උඹව එබුව තරමක්.....ඒත්

උඹ මාත් එක්ක

කවදාවත් තරහ වෙලා නැහැ.......

උන්දැ දැන් කියනවා

උඹව විකුනන්න කියලා.......

ඒත්.... උන්දැවත් මුන ගස්සපු

උඹව මට විකුනන්න පුලුවන්ද?

Wednesday, December 22, 2010

අඹ යහළුවා


ජීවන ගමන් මගේ හමුවූ

ජීවිතයට ජීවය දුන්

සැපේදී මෙන්ම දුකේදීත්

බිතු සිතුවමක් මෙන් පිටු නොපෑ

මගේ අඹ යහළුව බලන්

අර ඈත පෙනෙන සයුරෙන් එහා ලෝකයේ

නුඹ වාගේ අය අඩුයි නොවැ

Thursday, December 16, 2010

ලාබයි... ලාබයි..... උපාධිය


අම්මේ..........
ලොකු මල්ලිට කියන්න
මේ පාර A/L වලට
එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ කියලා
තාත්තට කියන්න
ගෙදර ඉඩමේ ඔප්පුවෙනුයි,
හරක් ටික විකුනලා,
ලියද්දත් විකුනලා,
තව ණයක් අරගෙන,
සල්ලි ලෑස්ති කර ගන්න කියලා
දැන් සල්ලි දීලා උපාධිය ගන්න පුලුවන්
අපි වගේ මහන්සි වෙන්නෙ නැතුව
අනික අපිව දැන් ගනන් ගන්නෙ නැහැ නොවැ
එව්ව පිටරට උපාධිනෙ.........................

Monday, December 13, 2010

කැන්ටිමේ Recycle


මිරිකා කිරි ඉවත් කර ගන්නා ලද

පොල් කුඩු

නැවත

සම්බෝල හා මැල්ලුම් ලෙස

ප්‍රයෝජනයට ගැනීම........

Monday, November 8, 2010

අත් එසවීම


නාඩන් පූස් මල්ලියේ

නුඹට විතරක් නොවේ ඔය සරදම්

අපිටත් උරුමයි ඔය සරදම්.........

ඇත්ත කතා කරන සෑම මොහොතකදිම

නුඹ්ට වාගෙම අපිටත්..............

ඔය දඹර ඇගිල්ල එසවෙනවා

එතකොට අපිත් නුඹ වාගේම

බයටම අත් ඔසවනවා

අවසනට නුඹට වගේ

නිදහස

අපිටත් නැතිවෙනවා

Friday, October 8, 2010

රත්තරං වටින තෑග්ගක්


නුඹේ ඔය

රන් දෑතින් ඔසවන්නේ

කිලෝ වලින් මැනිය හැකි

බරක් නම් නොවේ...

නුඹ ඔය ඔසවන්නේ

ලංකා මෑණියන්ගේ

මිල කල නොහැකි වූ අභිමානයයි

පොදු රදුන් නුඹට දුන්නේ රිදී වුවද

අපිට නම් එය

රත්‍රං වලට වඩා වටිනේය

දකින විට නුඹේ ඔය

සාඩම්බරයෙන් පිරි මුහුන

හැගේ අපිටද සාඩම්බරයක්

නුඹද ලක් මෑණියන්ගේ

උතුම් වු පුතෙකි

ජය වේවා

චින්තන විදානගේ සොහොයුරනෙනි.