Friday, April 29, 2011

ටෙලි නාටකය..........




පාට පියරු

සුවද ඇග තැවරූ

චරිතද

කථා,දෙබස්

තිර පිටපත්

වනපොත් කල

චරිතද

පමණි ඇත්තේ

නැත අරුතක්

ජීවිතයට

ටෙලි නාටකය

එපා මල් කඩන්න..........




හොවා ගෙන

දුරකථන සවන් පත් ළග


රුවා ගෙන

ඇබ සවන් පත් තුල


උදේ සිට.............
උදේ වනතුරු......



දොඩ වන්නේ මහ මෙරක්ද........ ?
ඔතරම්..........????



බැලුවේ නැතිද........? වටපිට
දැනුනේ නැතිද........? වටපිට

නුඹ දෙස.............


සවන් පත් කොපමණ
දෙනුවන් කොපමණ



බලා සිටින බව,
ලත වෙන අන්දම


කඩන්න මලක් නොමැතිව


එපා මල් කඩන්න...............

Thursday, April 28, 2011

කාගෙද මේ නද............


කාක් කාක්.........


කුක්කු කූක් කූක්.......


උම්බෑ උම්බෑ..........


ට්න් ටින් ටින්.........


බක බක...................


හෙලෝ හෙලෝ...............

Thursday, April 21, 2011

සුභ අලුත් අවුරුද්දක් වේවා.............

සුභ අලුත් අවුරුද්දක් වේවා.............

ගොඩ කාලෙකින් ලියන්න බැරි උනා.... ආයෙමත් පටන් ගම්මු.....

Tuesday, February 22, 2011

රූකඩ කතාව


තනිව වැනෙන්නට
හැකියාවක් නොමැති වුවත්
පිටුපසින් ඇදෙන නූලකින්
එහාමෙහා වැනෙනෙ
රූකඩ සරඹකි........

හුදෙක් නරඹන්නට
කැමත්තක් නොමැතිමුත්
කරන්නත් යමක් නොමති බැවින්
නරඹන්නට ආ
රූකඩ සරඹකි..........

දහසකුත් දේවල්
ඇතිමුත් සිතේ තදකරගෙන
පැවසුවා එය මාහටම
රුකඩ සරඹ........

එනමුත්
පිටු පසින් ඇති
පණ හඩකින් හඩ කැව්වද
රූකඩ සරඹ.......

මගේසිතැගි
පවසනු කෙළස කවුරුද?
මමත් රූකඩයක් සේ හැගෙන බව
නුඹේ ආදරේ නුලෙන් ඇදෙන.......

Monday, February 7, 2011

කෝ තාම නැහැනෙ...


උසස් පෙල...............හරි

උපාධිය....................හරි

ඉංග්‍රිසි.......................හරි

කොම්පියුටර්............හරි

ආ...චාටඩ් එකත්

අමාරුවෙන්..... ........හරි

සුදුසුකම් ඔක්කොම..හරි

ඉන්ටව් එක ආ...... එකත් පාස් නොවැ

ඒත් යකෝ කෝ එන්ට කිව්වෙ නැහැනෙ තාම රස්සාවට

ඈ... බන් උඹට කොහොමැයි රස්සාව හම්බ උනේ

උඹට නෑනෙ මංත්‍රීතුමාගෙ ලියුම ඒකයි හම්බ නොවුනෙ

ලාබයි......... අඹද...? ඇපල්ද......?


අච්චර දුර ඉදන් ආපු
ඇපල් ගෙඩියට
වඩා.....
මෙච්චර ලග ඉදන් ආපු
අඹ ගෙඩියට
තියෙන ගණන්.........
සියරට දේ සිරි සැප දෙනවලු නේ........