Monday, July 18, 2011

වෟතීය අධ්‍යාපනය


ඇති එවුන් යන
නැති එවුන් නොයන
උපාධියට වඩා වටින
වෟතීය අධ්‍යාපනය

ඇරඹුම ලොකුය
අදියර පලමු වැනි
වැඩි ලකුණු
සියල්ලෝම සමත්ය

පිවිසුම පටුය
අදියර දෙවෙනි
අඩු ලකුණු
ටික දෙනෙක් සමත්ය

ගමන දුෂ්කරය
අදියර ඉන්පසු
නැත ලකුණු
අයෙක් සමත්ය

පිළිගැනුම ඉහලය
පුද්ගලික සැමගේ
ගමන අපහසුය
නැති උන්ට

වෟතීය අධ්‍යාපනය

Wednesday, June 29, 2011

කැටයම් බෞද්ධයා



සම්බුද්ධත්ව ජයන්තියට
පාට සව්කොල
රූප කඩදහියෙන්
අලංකාරව කැටයම් කල
බෞද්ධකමේ අටපට්ටම
අව්,වැසි,සුළගට
ජරා ජීර්නව ගොස් ඇත

"ඕක ගලවල ව්සිකරන්න, ඊළග පාර වෙන කැටයමක් දාමු"
(කැටයම් බෞද්ධයා)

Monday, June 27, 2011

කෙල්ලො එපා.......



දෑවද්දට
බඩු මුට්ටු එක්ක
දඩෝරියෙක් හම්බ උන
නරි බෑනෙක්

වැද්දෙක්ගෙන්
කඩු පහර කෑ
මනමේ කුමාරයෙක්

හත් අවුරුද්දක්
මෙහෙවරකම් කරල
දුක උරුම කරගත්තු
කාලගෝලයෙක්

හමුවුනි එකට බස් නැවතුම් පලක
"අපි කෙල්ලෙක් නැති බස් එකක නැගල යමු අපේ ගමන "

Tuesday, May 31, 2011

නායකයෙක් වන්නට නම්........


වම දකුණ වම
වම දකුණ වම
වම දකුණ වම

ව... ඇති ඇති
අද ඉදන්
දකුණට....... හැරේන්
පහසුවෙන් යා........න්

දකුණ දකුණ දකුණ
දකුණ දකුණ දකුණ
දකුණ දකුණ දකුණ

දැන් කරදරේ ඉවරයිනේ

Wednesday, May 25, 2011

ඇති ඇති නවත්තන්න ඕක


එපා මට
ඔය බොරු කතා.....
චාටු දෙබස්.............
සුරංගනා කතා........
සුරංගනා ලෝක......

ඇති වෙලා මට ඕවා
නවත්තන්න ඕක

එක පාරක් ආදරෙන්
"ආදරෙයි"
කියන්න මට ඇත්තටම
ඔය ගැහෙන හදවතින්

නැත්නම් හැදෙයි මට පිස්සු

Friday, May 6, 2011

ගැටිස්සියේ බලාගෙනයි...




යාන්තමට ගැට ඉස්සුනු
ගැටිස්සියක්
යාන්තමට රැවුල වැවුන
ගැටවරයෙක්
අතේ එල්ලී සිටියාය
පෝලිමේ
එනතුරු තම වාරය
මිලදී ගන්නට
කොන් හතරක පෙට්ටියකට වී
නැරඹීමට චිත්තර පටියක්

සොයුරියේ..................

නුඹ නොදුටු ලෝකයේ
සැරිසරන්නේ බලාගෙනයි.............!
කොන් හතරේ පෙට්ටියෙන්

එබී බලනු

එහා ඇති නුඹේ ලෝකය දෙස
ඒ ලෝකය
නුඹ දෙස බලා හිදී
සෙනහසින් සේම
වක් වූ හොර දෙනෙත් වලින්

Monday, May 2, 2011

තත්පර කටුව



ටික් ටික් ටික්.....

ටක් ටක් ටක්.....

එක තත්පරයක් වත්

අහක නොදා

එක හැල්මෙ


එක දිගට

කැරකැවෙන

තත්පර කටුව

අද පොඩ්ඩක්

හිමින් කැරකියන්කො......

මම යනවා මම හම්බවෙන්න