Sunday, February 23, 2014
නුඹ සහ මම
මම නුඹෙන් දුරස් වෙලාදෝ....
ඇත්තද....?
ඇත්ත තමයි......
නුඹ දුරස් වෙලා මගෙන්......
ඇත්තටමද.....?
ඇත්ත නෙවෙයි......
එහෙනම්.....
නුඹ උන්නු මගේ ලෝකෙට
පුංචි රස්සාවක් රිංගලා......
අනේ...........
Tuesday, May 28, 2013
පාරමිතාව
හිතේ කවියක් ලියනවා ඔබ
ගගක් වී ගලනවා
ආදරේ මකරන්ද පුරවා
ඔබේ ආදරණීය ඇස් දෙක
ජීවිතේ නිවනවා.....
( පද: කුමාරතුංග-මැල්සිරිපුර )
ගගක් වී ගලනවා
ආදරේ මකරන්ද පුරවා
ඔබේ ආදරණීය ඇස් දෙක
ජීවිතේ නිවනවා.....
( පද: කුමාරතුංග-මැල්සිරිපුර )
Friday, November 30, 2012
නික්මනට පෙර.....
සමුදෙන්න ලගයි
නුඹට
අම්මේ සබරගමු.....
සිව් වසරක් පුරාවට
අපට සෙවණ දුන්නේ
නුඹයි.....
හැඩ දමා ජීවිතය
අපව හැඩ කලේ
නුඹයි....
සදා අපි නුඹට
ණයගැතියි
සබරගමු අම්මේ.....
ඉතින් ආයුබෝවන්........
නුඹට
අම්මේ සබරගමු.....
සිව් වසරක් පුරාවට
අපට සෙවණ දුන්නේ
නුඹයි.....
හැඩ දමා ජීවිතය
අපව හැඩ කලේ
නුඹයි....
සදා අපි නුඹට
ණයගැතියි
සබරගමු අම්මේ.....
ඉතින් ආයුබෝවන්........
Friday, November 9, 2012
ක්‍රීඩාව කැරම්
හතරැස් බෝඩ් එකක්
වටේට සිදුරු හතරක්
සුදු ඉත්තන් නමයක්
කලු ඉත්තන් නමයක්
එයට මැදිවූ රතු ඉත්තෙක්
එකම එක ඩිස්ක් එකක්
තරගකරුවන් දෙදෙනෙක්
ප්‍රතිවිරුද්දව
ජයග්‍රහණය කාටද?
පැමිණේ
තවත් දෙදෙනෙක්
සැනෙකින් වෙනස් වෙයි
තරගය.......
තරගකරුවෝ දෙදෙන
එක පැත්තට
දැන් දෙදෙනාටම
එකම පාටක්
එක අරමුණක්
------ක්‍රීඩාව කැරම්-----
Sunday, September 23, 2012
හඩන සිත සැනසවීම
ඉකිගසා හඩන සිත
වහ වහා සනසන්න
හදෙන් ගෙනා කිරි
පොළෙන් ගෙනා බූන්දි
එපා මට මුකුත්ම
ඔයාට නම්
හැම දෙයක්ම විහිලු
ඊඊඊඊඊ..........
Saturday, August 4, 2012
අපේ රඹුටන් ගහ
පුන්චියට හිටෝපු
අපේ රඹුටන් පැලේ
දැන් ලොකු ගහක් වෙලා
මේ ලගකදි මල් දාලා
පුන්චියට ගෙඩි ඇවිත්
දැන් ලේ රතු පාටට
ගෙඩි හැදිලා
දවල් කාලෙට
සත්තුන්ට ගහ හොයා ගන්න
ලේසි වෙන්න කියල
රොකඩයක් බැන්දා
රෑට වවුලන්ට
හොයා ගන්න
ලේසි වෙන්න
ලයිට් එකකුත් දැම්මා
ඒත් අනේ
එක සතෙක්වත්
ආවේ නැහැනෙ ගෙඩි කන්න
මොකද දන්නෙ නැහැ...........
Friday, July 6, 2012
කී....න්..... මෙන්න මදුරුවෙක්.... චටාස්.......
Subscribe to:
Posts (Atom)





