ඩුමාංඡරිය
හැඩ වැඩ දමා අහසේ පාවෙන සරුංගලය
Pages
සිතිවිලි
මම ගැන බිදක්
Friday, January 9, 2015
වීරයකුගේ නික්ම යාම වීරයකුගේ පැමිනීම
බියෙන් තැති ගත්
සමාජයක්
නිදහස් නිවහල්
රටක් බවට කරවූ
වීරයානෙනි ඔබට ආයුබෝවන්.....
වෛරය, දූෂණය
රජකරවූ සමාජයක්
මෛත්‍රියෙන් සනහාලන්නට
පැමිණි
වීරයානෙනි ඔබටද ආයුබෝවන්.........
Wednesday, August 27, 2014
නික්ම යාමට අවසරයි...
දෙනු මැන අවසර
නික්මී යන්නට මේ ලෝකයෙන්
පැතූ ලෝකය
බොදවී ගොස් හමාරය...
කිමද සිදු වූයේ....
අලුත් ලෝකයක් පතන්නට අවසරය.....
එහෙත් මා ගන්ධබ්බයෙක් වුව හොත්......?
එහෙත් මා යායුතුමය.....
අවසරයි....
නික්ම යාමට අවසරයි...
Sunday, August 17, 2014
බලාපොරොත්තුව.....
සිටිමි බලා
දෙනෙත් විඩා බරය
ගත දුක්බරය
නුඹද තැවුලෙන්ය
සිටිමි බලා....
ජීවිතය එනතුරා.
...
Monday, April 14, 2014
නුඹ දුර හන්දා.....
ගත දුර හන්දා...
සිත දුර හන්දා....
නෙතුද දුර හන්දා...
සිහින නොදකින හන්දා..
.
තනිකම හන්දා...
මතකය ඈත අතීතෙක හංගා...
විදිමි විදවමි....
නුඹයි... මමයි.... ඈතක හන්දා....
එනවාද.....?
වස්සානය......
මේ ඇගෙයි..... මගෙයි....
කතන්දරය හින්දා.....
Sunday, February 23, 2014
නුඹ සහ මම
මම නුඹෙන් දුරස් වෙලාදෝ....
ඇත්තද....?
ඇත්ත තමයි......
නුඹ දුරස් වෙලා මගෙන්......
ඇත්තටමද.....?
ඇත්ත නෙවෙයි......
එහෙනම්.....
නුඹ උන්නු මගේ ලෝකෙට
පුංචි රස්සාවක් රිංගලා......
අනේ...........
Tuesday, May 28, 2013
පාරමිතාව
හිතේ කවියක් ලියනවා ඔබ
ගගක් වී ගලනවා
ආදරේ මකරන්ද පුරවා
ඔබේ ආදරණීය ඇස් දෙක
ජීවිතේ නිවනවා.....
( පද: කුමාරතුංග-මැල්සිරිපුර )
Friday, November 30, 2012
නික්මනට පෙර.....
සමුදෙන්න ලගයි
නුඹට
අම්මේ සබරගමු.....
සිව් වසරක් පුරාවට
අපට සෙවණ දුන්නේ
නුඹයි.....
හැඩ දමා ජීවිතය
අපව හැඩ කලේ
නුඹයි....
සදා අපි නුඹට
ණයගැතියි
සබරගමු අම්මේ.....
ඉතින් ආයුබෝවන්........
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)