ඇය සුදුයි
උසයි
නමින් දික්තලය
ඔහු කලුයි
මිටියි
නමින් කාලගෝලය
සත් වසක් කඹුරා
රැගෙන යයි ඔහු ඇයව
සහේට කැන්දා
මගදී අතරමග
හමුවුණි දික්පිටිය
කඩවසමින් යුතු
බිදුනි සිත කාල ගෝලගෙන්
බැදුනි සිත දික්පිටියාට
පැනගියාය ඈ
වියතුන් සභා මැද
උරුම උනි දික්තලට ඇයව
උරුම උනි කාලගෝලට දුකම
කලක් ගත උනි මෙලෙස
දික්පිටිය හා දික්තල
පවුල් කෑහ එකට
එහෙත් දිනක්
දැන ගතිනි ඇය
දික්පිටිය විවාහක බව
දරුවන්ද සිටින බව
ඇරඹුණි ආරවුල
දික්තල වැටුණි මහ පාරට
දික්පිටිය වැටුණි භාරයට සිය අඹුගෙ
නැත යාමට මගක්
නැත පිළිසරණක්
සිහිවුණි දික්තලට කාලගෝලව
දිරිකොට සිත
පැමිණියාය
හමුවන්නට ඔහුව
පුදුමයකි සිත
අරුමයකි ආදරය
භාරගතිනි ඔහු ඇයව
දරුවකුද සමග
නිමවුනි මෙලස
අදියර දෙවෙනි
දික්තල කාලගෝල
අය්යේ,ඔයාට හැම වෙලාවෙම අළුත් විදිහකට,වෙනස් විදිහට හිතන්ට මාර හැකියාවක් තියෙන්නේ..........
ReplyDeleteඅළුත් කාලගෝල කථාව මරු
කෙල්ලෝ කෝමත් ඔය වගේයි තමයි,
ඒ වගේම
ඔය වගේ කොල්ලොත් ඕන තරම් ඉන්නවා
ඒත් කාලගෝල වගේ කොල්ලොනම් නැති තරම්........
ස්තූතියි මල්ලි
ReplyDelete