Wednesday, November 30, 2011

අපේ කමට ,ගමේ රසට, හෙළයා......

මහ මඟ.....
කඩ පිලේ....
සල්පිලේ .....
පොල් අතු වලින් වට කර
පිදුරු හෙව්ලි කර වහලයට
රතු හාලට.....
කැකුලු බතට .....
මාලු පිනි....
සමග
මිරිස් කරලක්.....
පපඩමක්.....
තබා
නෙලුම් කොලේට .....
කෙසෙල් කොලේට....

බෙදා
රෙද්ද හැට්ටෙ

බැනියම් ,සරම්
ඇද
අපේ කමට
ගමේ රසට
හෙළයා විකිණීමට ඇත

Monday, November 21, 2011

කදුලේ චක්‍රය


හදවතින් නෙතට...
නෙතින් දෙකම්මුලට...
දෙකම්මුලෙන් නිකටට...
නිකටින් පපුවට...
පපුවෙන් වායු ගෝලයට...
වායු ගෝලයෙන් හුස්ම වලට...
හුස්ම වලින්...
නැවතත් හදවතට.......

Tuesday, November 8, 2011

මගෙ බන්ඩිය චන්ඩියි


මාස ගානක් අම්මගෙන් කිරි බිපු
කටට රහට බත් ගුලි ගිලපු
කොල මැල්ලුම්,අල,බතල, යසට ගිලපු
ගෙදර පලතුරු ගෙඩි පිටින් කාපු

උඹේ බන්ඩියට වඩා

පිටරට හරක්ගෙ කිරි මාස ගානක් බීපු
එදා වේලෙ පොඩි පොඩි කෑම ජාති ගත්තු
හොදට "කන්නයි බොන්නයි" පුරුදු වෙච්ච
මගෙ බන්ඩිය චන්ඩියි.......
හූ..... හූ.......

Thursday, September 22, 2011

ලංකාවෙ අපි



ජීවිතේකට

අල්ලපු ගෙදර

එකා එක්කවත්

කට පුරා

හිනා වුනේ නැති

අපේ ඇත්තො

කට පුරා ලස්සන හිනාවක්

මූනු පොතේ

දාගෙන බරටම

කතාව දැන් .........


ලංකාවෙ අපිනෙ

සංවර්ධන පාන් ගෙඩිය






අතීත පුරාජේරුව

නැමති

ඊස්ට් යොදා පුම්බන ලද

පිටි මෝලිය

දේශමාමක බක්කරේ
විසින්

පුච්චන ලද සංවර්ධනය

නැමති

පාන් ගෙඩිය කන්නද........?

.......එපා එපා........
ඕක හැදුවේ

පෙන්නන්න විතරයි

Wednesday, September 21, 2011

E- Farming




කිසිදාක


පස් පිඩක් පෙරලලා


මඩ ඩිංගිත්තක් ගාගෙන

බීජ ඇට වපුරල


සාත්තු කරල


අස්වැන්නක්


නොගත් එවුන්


දැන් බරටම


මූනු පොතේ



වගාව

Thursday, August 18, 2011

පාඩම් කිරීම



පොතක් අරගෙන


අතට


වැදගත් සියලු


කරුණු


පිලිවෙළට


පාට කූරකින්


පාට කිරීම


සහ


වැදගත් සියලු


කරුණු


කෙටි සටහනකට



දැමීම


මතකයට එපා........