Saturday, July 8, 2017
උමා ඔය
ඔබේ දෑසෙ දුක්බර කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ......
ඔබේ දෑසෙ සතුටු කඳුළු
තව දෑසක දුක්බර
කඳුළු වේ......
අද උන් ඇත
ඔබ මට නැති
මගුල් පෝරුවේ.......
මට උන් දුන් වේදනා
නුඹේ සටනින් තේරුණා....
නොඉදුල් බිම මතු පරපුර පැතු
උන් කළ හැටි අන්සතු
මට දුන් දුක නොදෙනු මැනවි
ලක් මෑණිට මින් මතු
ලක් මෑණිට මින් මතු
Saturday, December 3, 2016
බදු ගෙවමු රට හදමු
රටෙහි ජාතික ආදායමට දායක වන්න
මෙන්න ඔබට අනගි අවස්ථාවක්
ඔබත් අදම
රියදුරු බලපත්ර නොමැතිව
මත්පැන් බී
අධික වේගයෙන්
වමෙන් වාහන ඉස්සර කරමින්
අනාරක්ෂිතව
වාහන පදවන අභිමානවත්
රියදුරු මහතෙක් වන්න
අපේ ණය අපි ගෙවමු
බදු ගෙවමු රට හදමු
Monday, November 14, 2016
හෙළයේ මහා ගාන්ධර්වයානෙණි
Sunday, October 30, 2016
දිව්වාද? ..... හතිද? ......
කෝ නෙලා ගත්ත පළා ටික
මුවා ඒ ටිකත් අරගෙනම ගියාද......?
දිව්වා තමයි, දැන් හති හොදටම
ඒත් ආදරයද නිදහසද වටින්නේ....?
Friday, June 17, 2016
අම්මා - ආදරය - පුතා
පුතේ මෙන්න බත් බෙදුවා.....
ඇවිත් කන්න ....
හ්ම්ම්ම්ම්ම්
පුතේ.... මෙන්න බත් බෙදුවා
කන්න...
හ්ම්ම්ම්ම්ම්ම්
පුතේ ...... මේ බත් කන්න ඇවිත්
හ්ම්ම්ම්ම්ම්ම්
ආයේ කියන්නෙ නැහැ...... ඇවිත් කන්න පුතේ.....
හ්ම්ම්ම්ම්ම්ම්
යකෝ..... තොට කන් අහෙන් නැද්ද ?
ඇවිත් කාල පල......
හා ............ එනවා අම්මේ.....
Sunday, May 24, 2015
එක්තරා දවසක මෙසේ උවහොත්.....
ඔයා නම් වැඩක් නැහැ අනේ.....
ඔයා ඊයෙවත් බීලා ආවෙ නැහැ !
ඒකට බලන්නකෝ
මිසිස් පෙරේරාගේ මහත්තයා...
ඊයේත් ආවෙ කනමදයා වගේ බිලා හතර ගාතෙන්
බලන්න කොච්චර ආඩම්බරද එයාට...!
හ්ම්ම්ම්......
ඔය තියෙන කම්මැලිකම නැතිවෙන්නත් එක්ක අදවත් පොඩ්ඩක් බොනවද
ඔන්න අදනම් නොබී ආවොත් එහෙම ගෙට ගන්නේ නැහැ...!
කොහෙද කොච්චර කීවත් වැඩත් තියෙයිද
පාර්ටි එකකදිවත් පොඩ්ඩක්වත් බොන එකක්ද නැහැනෙ
මම කොහොමද කටක් ඇරල කියන්නේ
"මහත්තය බොන්නේ නැහැ" කියල....
තමුන්ට මතකද අන්තිමට බීපු දවසවත්
හ්ම්ම්ම්ම්....
ඒ බීවෙත් මගෙ ඕන කමට බලකරල
බිවුවෙත් වීදුරුවයි නෙ....
අනේ මෙහෙමත් මහත්තයෙක්.....!
Friday, January 9, 2015
වීරයකුගේ නික්ම යාම වීරයකුගේ පැමිනීම
Subscribe to:
Posts (Atom)





