Saturday, December 3, 2016

බදු ගෙවමු රට හදමු


රටෙහි ජාතික ආදායමට දායක වන්න
මෙන්න ඔබට අනගි අවස්ථාවක්


ඔබත් අදම 
රියදුරු බලපත්‍ර නොමැතිව 

මත්පැන් බී 
අධික වේගයෙන් 
වමෙන් වාහන ඉස්සර කරමින් 
අනාරක්ෂිතව 
වාහන පදවන අභිමානවත් 
රියදුරු මහතෙක් වන්න

අපේ ණය අපි ගෙවමු 
බදු ගෙවමු රට හදමු

Monday, November 14, 2016

හෙළයේ මහා ගාන්ධර්වයානෙණි



සසර වසන තුරු 
නිවන් දකිනතුරු 
ඉපදී මියදෙන්නට 
පින් කෙත හෙළ දෙරණ 
රැකගන්නට උවමනා බව 
සුදුවත හැදි 
දියවන්නා නෑදෑයින්ට 
පසක් කරන්නට 
ඔබ කළ මෙහෙවර  නිවන් දකින්නට 
පාරමිතාවක්ම වේවා........

Sunday, October 30, 2016

දිව්වාද? ..... හතිද? ......



කෝ නෙලා ගත්ත පළා ටික
මුවා ඒ ටිකත් අරගෙනම ගියාද......? 


දිව්වා තමයි, දැන් හති හොදටම
ඒත් ආදරයද නිදහසද වටින්නේ....? 

Friday, June 17, 2016


අම්මා - ආදරය - පුතා 




පුතේ මෙන්න බත් බෙදුවා.....
ඇවිත්  කන්න ....
හ්ම්ම්ම්ම්ම්
පුතේ....  මෙන්න බත් බෙදුවා කන්න...
 හ්ම්ම්ම්ම්ම්ම්
පුතේ ...... මේ බත් කන්න ඇවිත්
හ්ම්ම්ම්ම්ම්ම්
ආයේ කියන්නෙ නැහැ...... ඇවිත් කන්න පුතේ.....
හ්ම්ම්ම්ම්ම්ම්
යකෝ..... තොට කන් අහෙන් නැද්ද ?
ඇවිත් කාල පල......
 හා ............ එනවා අම්මේ.....