Monday, October 12, 2020

උරැමය සෙවීම

 







 


තනිකඩව පාර පුරා

ඇවිදිමින්

 පොත් සාප්පුතුලට වී කාලය ගෙවමින්

බස් රථයේ ජනේලය අසල මග බලමින්

 සිතැගි උරුමය සොයා යන්න.....


තමන් කැමති කෑමක් කන්නට

තමන් කැමති වැඩසටහන නරබන්න

තමන් කැමති බීමක් බොන්නට

තමන් කැමති අයවලුන් ඇසුරු කරන්නට

ජීවිතයේ තමන් කැමති මානය විදින්නට 

මුව පුරා සිනා සීමට

උරුමය සොයා යන්න....


Wednesday, September 9, 2020

Bathroom කණ්ණාඩිය

 























Bathroom කණ්ණාඩිය

සදුදා උදේ එයා හිනා උනාද... 

නැහැනෙ......

 හවස....

 අපෝ නැහැ...

 අගහරුවාදා ඔව් ඊයේ වගේමයි මොන හිනාද.....?


බදාදා උදෙත් එහෙමයි

බ්‍රහස්පතින්දා උදේ නම් ලාවට හිනා උනා 

හවස ඒකත් නැහැ......

සිකුරාදා උදේ නම් පොඩි හිනාවක්...

 හවසත් පොඩ්ඩක් හිනා උනා...


සෙනසුරාදා උදේ නම් මනමාලහිනාවක් දැම්මා...

හවස වැනී වැනී හිනා උනා....

ඉරිදා උදේ නම් හොදටම හිනා..

හවස පොඩ්ඩක් දුකෙන් වගේ..


ආයෙත් සදුදා උදේ ඉක්කො ඕනි නැහැ ....

හැමදාම එකමනේ..

Sunday, September 6, 2020

වැස්ස



නිදි ගත් මතකයන් අවදිකල 
 අවදිකල මතකයක් නිදි කල 
 වැස්ස.... 
 අද වගේ දවස් මතකද..? 

 සීතලට උණුසුම මතක් කල 
උණුසුමට සීතල මතක් කල 
 වැස්ස
 ඇත්තටම අද සීතල දවසක්ද...? 

 නැත තොලගාන්නට විස්කි උගුරක්
 නැත තොල ගාන්නට කහට උගුරක්
 ඇත හීටරය දමා රත් කර ගත් උණු වතුර වීදුරුවක් 
 වැස්ස... 
 ගහමුද අඩියක් 

 පායන්න 
 දැන් ඇති 
 හෙට වැඩ මදැයි
 අවුරුදු හතරක් උන්නා....

Saturday, July 8, 2017

උමා ඔය











ඔබේ දෑසෙ දුක්බර  කඳුළු
තව දෑසක
සතුටු කඳුළු වේ......

ඔබේ  දෑසෙ සතුටු කඳුළු
තව දෑසක දුක්බර
 කඳුළු වේ......

අද උන් ඇත
ඔබ මට නැති
මගුල් පෝරුවේ.......
මට උන් දුන් වේදනා
නුඹේ සටනින් තේරුණා....


නොඉදුල් බිම මතු පරපුර පැතු
උන් කළ හැටි අන්සතු
මට දුන් දුක නොදෙනු මැනවි
ලක් මෑණිට මින් මතු
ලක් මෑණිට මින් මතු


Saturday, December 3, 2016

බදු ගෙවමු රට හදමු


රටෙහි ජාතික ආදායමට දායක වන්න
මෙන්න ඔබට අනගි අවස්ථාවක්


ඔබත් අදම 
රියදුරු බලපත්‍ර නොමැතිව 

මත්පැන් බී 
අධික වේගයෙන් 
වමෙන් වාහන ඉස්සර කරමින් 
අනාරක්ෂිතව 
වාහන පදවන අභිමානවත් 
රියදුරු මහතෙක් වන්න

අපේ ණය අපි ගෙවමු 
බදු ගෙවමු රට හදමු

Monday, November 14, 2016

හෙළයේ මහා ගාන්ධර්වයානෙණි



සසර වසන තුරු 
නිවන් දකිනතුරු 
ඉපදී මියදෙන්නට 
පින් කෙත හෙළ දෙරණ 
රැකගන්නට උවමනා බව 
සුදුවත හැදි 
දියවන්නා නෑදෑයින්ට 
පසක් කරන්නට 
ඔබ කළ මෙහෙවර  නිවන් දකින්නට 
පාරමිතාවක්ම වේවා........

Sunday, October 30, 2016

දිව්වාද? ..... හතිද? ......



කෝ නෙලා ගත්ත පළා ටික
මුවා ඒ ටිකත් අරගෙනම ගියාද......? 


දිව්වා තමයි, දැන් හති හොදටම
ඒත් ආදරයද නිදහසද වටින්නේ....?