Sunday, September 6, 2020

වැස්ස



නිදි ගත් මතකයන් අවදිකල 
 අවදිකල මතකයක් නිදි කල 
 වැස්ස.... 
 අද වගේ දවස් මතකද..? 

 සීතලට උණුසුම මතක් කල 
උණුසුමට සීතල මතක් කල 
 වැස්ස
 ඇත්තටම අද සීතල දවසක්ද...? 

 නැත තොලගාන්නට විස්කි උගුරක්
 නැත තොල ගාන්නට කහට උගුරක්
 ඇත හීටරය දමා රත් කර ගත් උණු වතුර වීදුරුවක් 
 වැස්ස... 
 ගහමුද අඩියක් 

 පායන්න 
 දැන් ඇති 
 හෙට වැඩ මදැයි
 අවුරුදු හතරක් උන්නා....

No comments:

Post a Comment