Thursday, August 5, 2010

අවම ලංසුව කීයද?

පොඩි කාලේ හැදි චුටි ඇදුම් පොඩි
මුල්ම අකුර කෙරු අකුරු පොත
අවසනට හැදි පාසල් ඇදුම
අවසනට අකුරු කෙරු පොත පත
ගෙවෙනකම් පයලු පාවහන් යුගලය
හද රටා මැවු සමරු පොත
පෙමට ලියු පලමු පෙම් හසුන
පිනට ගිය අවසන් සීසන් පත
එකට ගිය පලමු බස් ටිකට් පත
තබා ඇත එකම මේසයක් මත
කරන්නට අලෙවි වෙන්දේසියේ
කෝ දෙන්න හැකිනම්
අවම ලංසුව මේවාට
ඈවරයි............

2 comments:

  1. මතකයන් අමිලයි.....

    ReplyDelete
  2. ජීවිතය මත ඉමිහිරි ම මතක අතුරන මතකයන් මිල කරන්නේ කෝම?

    ReplyDelete