Thursday, August 19, 2010

වීරවරියෝ


ජීවන රෝදෙට නූල අමුනා
ජිවන මාවත සලුවෙන් වියනා
ගතවු රුධිරය මැෂිමට දියකර හරිනා
නුඹ ගේ සිරසට
කිරුලු පල දින්නේ කවදාද?
කදුලු අතරින් සිනා සෙන
නුඹගේ ඔයදෑස
නිදි නැතුව වරු කීයක්
හඩන්න ඇතිද?
ලොවක් දිනන්නට හදනා නුඹ
රටක් ජිවත් කරන බව
දන්නවාද?
එහෙව් වූ නුඹ
තනනා ලොවට
ජයෙන් ජය වේවා.

2 comments:

  1. එහෙව් නුඹ දිහා
    වපරැහින් බලන....
    පහත් කොට තකන.....
    අපි අපිම....
    නුඹ දෑතට ගෙතෙන සලුවෙන්
    විලි වසා ගත්තත්...
    නිරුවතින්ම නොවන්නෙමුද.......

    ReplyDelete
  2. මතක් වුනේ රෑ වැඩ මුරය අවසන් වන කණිසම ට නුඹේ වත පෙනෙයි මැලවුණ කුසුමක් ලෙසට කියන සින්දුව

    ReplyDelete