Friday, May 6, 2011

ගැටිස්සියේ බලාගෙනයි...




යාන්තමට ගැට ඉස්සුනු
ගැටිස්සියක්
යාන්තමට රැවුල වැවුන
ගැටවරයෙක්
අතේ එල්ලී සිටියාය
පෝලිමේ
එනතුරු තම වාරය
මිලදී ගන්නට
කොන් හතරක පෙට්ටියකට වී
නැරඹීමට චිත්තර පටියක්

සොයුරියේ..................

නුඹ නොදුටු ලෝකයේ
සැරිසරන්නේ බලාගෙනයි.............!
කොන් හතරේ පෙට්ටියෙන්

එබී බලනු

එහා ඇති නුඹේ ලෝකය දෙස
ඒ ලෝකය
නුඹ දෙස බලා හිදී
සෙනහසින් සේම
වක් වූ හොර දෙනෙත් වලින්

6 comments:

  1. වෙන කොහෙ යන්න ද
    මේ ලංකාව
    වුන් පවු
    මට එහෙම හිතුනා

    ReplyDelete
  2. සොඳුරු සිතට හිතුන දේම මටත් හිතේ. :)

    ReplyDelete
  3. ලංකාවට තමා ඕවා මැජික් ..........

    ReplyDelete
  4. සොඳුරු සිත හරි
    වෙන කොහෙ යන්න ද
    මේ ලංකාව අය

    ReplyDelete
  5. හ්ම්ම්!ඩලස් මහත්තයගේ ලව් පාක් ටිකවත් තාම නැහැ නොවෑ!ඉතින් මුං වැරදිද?

    ReplyDelete