Thursday, December 29, 2011

පිං කැටය


තුන්ලොවක් වෙත
මොක් මග පෑදු
අප මහ බුදුපියාණන්
ඉදිරිපිට තබා ඇත
පිං කැටය

පිං කැමති අයවලුන්
නිතර යන එන බැතිමතුන්
දමා යති ශත ගණන්
පිංකමක් පතමිනේ

පිවිතුරු මල් මිටක්
මිස කුණු වැටුනු මිල මුදල්
එපා තබන්නට
බුදු සමිදු ඉදිරියේ

2 comments:

  1. මේ පිං කැටේ හරි අමුතුයි......හික් හික් ....මොට්‍ටුවක් වගේ ...

    ReplyDelete
  2. කන්නට කාසි නැති
    බොන්නට කාසි ඇති
    පොර වෙන්ට කැමති ඇති
    පිං කරයි විගහින්
    කැමරාව ඇතිනම්....

    ReplyDelete