Friday, July 30, 2010

සුදු කලු සහ ආදර කන්ද

ආදර කන්ද
නුඹ ළ‍‍ඟ සුදු වලා කැරලි
දැවටෙන කල නුඹ සේම
මා ද සතුටු වුනි.
එලසම
ඒ සුදු වලා කැරලි
නුඹ පියමන් කරන කල
මා ද නුඹ සේම දුක් වුනි
එහෙත්
නුඹට අකැප කලු වලා කැරලි
නුඹ සියොලග දැවටෙන කල
නුඹ සේම මා ද නෝක්කාඩු කීය
දිය පිපාසයේදි
කලු වලා කැරලි වරුසාවක් වි
නුඹේ ගතට සිසිල දෙන බව
වරුසාව නුඹේ ගතට කා වැදුන බව
නුඹේ ජිවය රකින බව
දැනගත් නමුදු නොපිළිගතිමු
බලන්න හැර පියා හද කවුළු
සුන්දර හෝර්ටන් පෙදෙස වසාගෙන
ලොවට එය සඟවා සිත්හි රඳවා
සිටින නුඹට
සුදු වලා කැරලි වලට වඩා
කලු වලා කැරලි ආදරෙයි බව විදින්න
නුඹ
සුදු මායාවට වඩා
කලු යථාර්තයටදෙනු මැනවි හදකවුඵ විවරකර
මක් නිසාදයත්
නුඹ කන්දක් වුවද
නුඹත් මාත් දෙදෙනෙකු නොව
එකෙකු බැවිනි........

1 comment:

  1. සුදුපාට හුදු මායවට යටින් එන නපුරු ඡායාවන්ට වඩා.....අඳුරේ මුහුව එන ආශීර්වාදය යෙහෙකි......ලස්සන අරුත්බර පද පෙළක්....

    ReplyDelete