Tuesday, February 22, 2011

රූකඩ කතාව


තනිව වැනෙන්නට
හැකියාවක් නොමැති වුවත්
පිටුපසින් ඇදෙන නූලකින්
එහාමෙහා වැනෙනෙ
රූකඩ සරඹකි........

හුදෙක් නරඹන්නට
කැමත්තක් නොමැතිමුත්
කරන්නත් යමක් නොමති බැවින්
නරඹන්නට ආ
රූකඩ සරඹකි..........

දහසකුත් දේවල්
ඇතිමුත් සිතේ තදකරගෙන
පැවසුවා එය මාහටම
රුකඩ සරඹ........

එනමුත්
පිටු පසින් ඇති
පණ හඩකින් හඩ කැව්වද
රූකඩ සරඹ.......

මගේසිතැගි
පවසනු කෙළස කවුරුද?
මමත් රූකඩයක් සේ හැගෙන බව
නුඹේ ආදරේ නුලෙන් ඇදෙන.......

3 comments:

  1. රූකඩයක් වුව කම්නැත
    නුඹේ අතින් නැටවෙයි නම්
    කියල කිවුවෙ
    නුඹම නොවෙද

    ReplyDelete
  2. යාලු... වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමු ද? එතකොට ලේසි කමෙන්ට්ස් කරන්න...(යෝජනාවක් විතරයි)

    ReplyDelete
  3. ආදරේ ආදරෙන් කරනකොට රූකඩයක් වෙනවා කොහොමටත්.......

    ReplyDelete